255 Views  
සඳ එළියේ ඔරු පදින්න Galapitarocks යන්න
කතරගම යනු දෙස් විදෙස් සංචාරක ආකර්ශනය දැඩි සේ දිනා ගත් පූජා නගරයකි. කතරගම දේවාලයට පුද පූජා පැවැත්වීම සඳහා නිරන්තරයෙන් සහභාගීවන ශ්‍රී ලාංකික සංචාරකයින් මෙන්ම විදේශීය සංචාරකයින් කතරගම නගරය වෙත ගමන් කරන්නේ හුරු පුරුද්දට මෙනි. බොහෝ විට වසරක් පාසා ම එහි යන බොහෝ දෙනෙක් දැක ගත හැකි වෙයි.

කතරගගම පූජා භූමිය වෙත පිය නගර සංචාරකයින් නවාතැන් ගැනීම සඳහා සුදුසු ස්ථානයක් තෝරා ගැනී‍මේ දී ඒ සඳහා සුදුස් ස්ථානයක් තෝරා ගත නොහැකි ව දැඩි අපහසුතාවයට පත්වන අවස්ථා ඉහළ ය. එම සංචාරකයින්ට පිළිතුරු වශයෙන් හඳුන්වා දිය හැකි සුදුසු ස්ථානයක් ලෙස galapitarocks පෙන්වා දිය හැකි ය.

පරිරසරයට අනුගතවන අන්දමින් මෙහි වටපිටාව නිර්මාණය කර තිබේ. දෙස් විදෙස් සංචාරකයින් අරමුණු කළ ද මේ සඳහා විශේෂාවධානයක් යොමු කර ඇත්තේ ඇත්තේ විදේශීය සංචාරයින් ය.

මේ ප්‍රදේශය ආශ්‍රයෙන් මැණික් ගඟ ගලා බසින අතර එහි බැස රිසි සේ ස්නානය කිරීමට සංචාරකයින්ට ලැබෙන විශේෂ අත්දැකීමකි. එසේ ම මොණරු දැක බලා ගත හැකි ය. මැණික් ගඟ හරහා ඉදි කර ඇත වැල් පාලම ඔස්සේ එගොඩ වී එම පරිසරයේ සුන්දරත්වය ද මනා ලෙස විඳ ගත හැකි ය. වැල් පාලම මතින් ගමන් කිරීම තරමක් දුෂ්කර සහ භයංකාර අත්දැකීමක් වුව ද ඒ සඳහා සහභාගීවන සංචාරකයින්ට නම් එය මහත් ආශ්වාදජනක සිදුවීමකි.

සංචාරක ආකර්ශනය දිනාගත් කැටයම් කලාව සඳහා ද ප්‍රමුඛත්වයක් ලබා දෙමින් මෙහි වටපිටාව නිර්මාණය කර තිබේ. යෝගා කිරීම, භාවනාවේ යෙදීම සඳහා කදිම වටපිටාවක් මේ ආශ්‍ර පරිසරයේ පිහිටා ඇත.

එසේ ම ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මෙහි ස්ථාපිත කර ඇති අතර එහි දී ස්වභාවික අමු ද්‍රව්‍ය උපයෝගී කරගෙන විවිධ සම්භාහනවල යෙදිය හැකි ය.

ස්වභාවික අමු ද්‍රව්‍ය උපයෝගී කරගෙන හුමාලය ඇල්ලීමට ලබාදීම, මුහුණ සම්බන්ධයෙන් විවිධ වෙදකම් කිරීම, body scrubs සහ ශරීරය ලිහිල් කිරීමේ සම්භාහන මෙහි දී සිදු කරයි.

විශාල ගස් බෙණ සහිත රූස්ස ගස් ඇති මෙම පරිසරය ආශ්‍රයේ දැඩි සේ විනෝදවීමේ අවස්ථාව ඇති අතර ගස් මුදුණ වෙත නැගීම සඳහා ද ඉණිමං බැඳ තිබේ. එම ගස් මත නැගී පරිසර සුන්දරත්වය ඉහළින් නැරඹීමේ විශේෂ අවස්ථාව සංචාරකියන්ට උදා වෙයි.

බොහෝ අවස්ථාවල දී රාත්‍රියේ ඔරු පැදීමේ අවස්ථාව මෙහි පැමිණෙන සංචාරකයින්ට අත්විඳිය හැකි ය. එහි දී ඔවුන්ට සඳ එළියේ ඔරු පැදීමට හැකි ය. ගඟ මත ටියුබ් මතින් ගමන් කරමින් විනෝදවීම, ගඟේ දිය නෑම වැනි බෝහෝ විනෝද ජනක ක්‍රිඩාහි නිරතවීමේ අවස්ථාව උදා වෙයි.

නිල් මැණික් ඇති බවට ජන ප්‍රවාදයේ සිට පැවත එන බැවින් මේ ආශ්‍රයේ තිබී සංචාරකයින්ට මැණික් ගලක් ලැබුණහොත් එය තමන් සතු කර ගත හැකි ය. ගලපිට ප්‍රදේශයේ සංචාරය කිරීමට හැකියාව ඔබට ලැබෙන අතර එහි දී විවිධ වර්ගයේ කුරුල්ලන් සහ මොණරු නැරඹිය හැකි ය.

Galapitarocks, 31st Km Post, Valli Amma Ara,Kataragama Road, Buttala යන ලිපිනයේ පිහිටා තිබෙන Galapitarocks +94 724305417  යන දුරකතන අංකයෙන් සහ info@galapitarocks.com  යන විද්‍යුත් තැපෑල ලිපිනය ඔස්සේ මෙම හෝටලය සම්බන්ධ කර ගැනීමට ඔබට හැකියාව තිබේ.



Wmqgd .ekSu ��; mqj;a m; weiqfrks
o