198 Views  
Cinnamon Hotels & Resorts සමඟ Go-Beach
දුටුවන් වශී කරවන ශ්‍රී ලංකාවේ ස්වර්ණමය වෙරළ තීරයේ ඉතා සුන්දර පරිසරයන්හී පිහිටා ඇති ‍Cinnamon Bey Beruwala, Bentota Beach by Cinnamon සහ Hikka Tranz by Cinnamon හෝටල සුදු වැලිවලින් සපිරි වෙරළ තීරය හා ඉමක් කොනක් නොපෙනෙන මහා සාගරය ආදියෙන් සමන්විත වන්නේ චිත්තාකර්ෂණීය වාතාවරණයක්ද නිර්මාණය කරමිනි. එකිනෙකට සමීපව පිහිටා ඇති මෙම හෝටල් මගින් දකුණු වෙරළ තීරයේ සැබවින්ම අමතක නොවන නිවාඩුවකට මඟ පාදමින් හිත ගත සැහැල්ලූ කරන ක්‍රියාකාරකම් හා ත්‍රාසයෙන් සපිරි වික්‍රමාන්විත ක්‍රියාකාරකම් පෙළක් හඳුන්වා දී තිබේ. මෙම හෝටල් තුනම දකුණු වෙරළ තීරයේ සුන්දර විවේකයක් අපේක‍ෂා කරන පවුල්, මිතුරන් සමූහ සහ ආයතනික කණ්ඩායම්වල අවශ්‍යතා සපුරාලීමට සූදානම් වී සිටී.

සෙලින්කෝ ලයිෆ් ප්‍රණාම වැඩසටහනින් ශිෂ්‍යත්ව

මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් විසින් දක්ෂ දරුවන්හට ශිෂ්‍යත්ව ලබාදෙමින් මෙරට අනාගත නායකයින් වෙනුවෙන් ආයෝජනය කිරීමේ ප්‍රණාම ශිෂ්‍යත්ව වැඩසටහනේ 16 වැන්න යටතේ ලබාදුන් ශිෂ්‍යත්ව 160 සමගින් මේ වනවිට ප්‍රදානය කර තිබෙන සමස්ත මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 120 සීමාව ඉක්මවා ගොස් ඇත.

මෙම ශිෂ්‍යත්ව ලබාගැනීම සඳහා දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කරන පාසැල් දරුවන් තම දෙමව්පියන්, ගුරුවරුන් සමග කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවට පසුගියදා රැස්වූ අතර අති උත්කර්ශවත් අයුරින් පවත්වන ලදී. මෙහිදී, අධ්‍යාපන අංශයේදී මෙන්ම පාසැල් බාහිර ක්‍රියාකාරකම් වලදී දස්කම් දැක්වූ සිසු දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනැමුණි.

සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් ප්‍රදානය කළ මෙම ශිෂ්‍යත්ව දිනාගත් සිසුන් අතරට 2016 වසරේදී ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහලින් සමත්වූ සිසු දරුවන් 28 දෙනෙකු, 2015 අ.පො.ස. (සා/පෙළ) විභාගයෙන් විශිෂ්ට ලකුණු ලැබූ සිසු දරුවන් 24 දෙනෙකු, 2015 අ.පො.ස. (උ/පෙළ) විභාගයෙන් ඉහළ ලකුණු ලැබූ සිසු දරුවන් 98 දෙනෙකු සහ ක්‍රීඩා, සංස්කෘතික, කලා, නාට්‍ය හෝ නවෝත්පාදනය අතින් ජාතික හෝ ජාත්‍යන්තර වශයෙන් සම්මානයට පාත්‍රවූ සිසු දරුවන් 10 දෙනෙකු ඇතුළත් විය.

ලීගෝ වෙතින් නව මාදිලි 04 කින් දුරකතන

ෂෙන්සෙන් ඔටෙඩා සමාගමට අයත් ලීගෝ ස්මාර්ට් ජංගම දුරකථන ය 2014 දී මෙරට වෙළෙඳපළට හඳුන්වා දෙනු ලැබීය. ලීගෝ just for excellent smart life යන තේමාව යටතේ ස්මාර්ට් ජීවිතය වඩාත් අර්ථවත් ගන්වමින් විසිතුරු හැඩතල සමඟ විලාසිතාවෙන් පරිපූර්ණ ව සිටියි.

මේවන විට ලෝකයේ රටවල් 50කට අධික සංඛාවක් මෙම දුරකතන පරිහරණය කරයි. 2016දි පැවැත්වුණු මොබයිල් නිව් ෆෝස් සමුළුවේදී අනිකුත් තරඟකාරී දුරකතන අභිබවා යමින් චීනයේ හොඳම ජංගම දුරකථනය සහ රටින්පිට වඩාත් අලෙවිවන දුරකථනය බවට පත්වීමේ ගෞරවය ලීගෝට හිමි විය. ලීගෝ සිතැගි පරිදි තෝරා ගැනීමේ මැදිලි පෙළකින් සමන්විතය.

සිංගප්පූරුවේ භාවනා සමාගමට අයත් ශ්‍රී ලංකාව,මලයාසියාව,මියන්මාරය, ඉන්දුනීසියාව, බංගලාදේශය ඇතුළු ලොව පුරා විහිදී ගිය බෙදාහැරීමේ ජාලයක් සහිත නැචුරල් වොන්ඩර්ස් පුද්ගලික සමාගම, ශ්‍රි ලංකාව තුල ලීගෝ දුරකථන බෙදා හැරීමට කටයුතු කරයි.

තරු පන්තියේ 4G දුරකතන මෙන්ම සරල ප්‍රාථමික දුරකථන දක්වා මාදිලි රැසකින් සමන් විතය. ලීගෝ තමන්ගේ නවතම දුරකතන මාදිලි 04 වෙළඳපලට නිකුත් කරනු ලැබිණි.

ලයිෆ් ෆැමිලි සවාරි ජයග්‍රාහකයෝ

2017 වසර වෙනුවෙන් සංවිධාන කරන 10 වන සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි වැඩසටහනේ සුපිරි ත්‍යාගය ලෙස සියලු වියදම් දරමින් රක්ෂණ ඔප්පු හිමියන් පස් දෙනෙකු සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට එංගලන්තයේ සංචාරය කිරීමේ අවස්ථාව ලබාදීමට සෙලින්කෝ ලයිෆ් සමාගම සූදානම් වේ.

මෙවර ෆැමිලි සවාරි වැඩසටහනේ අවසාන මහා දිනුම් ඇදීමේදී මොරටුව, නාත්තන්ඩිය, නුගේගොඩ, මාතර සහ ගනේමුල්ල ප්‍රදේශවල රක්ෂණ ඔප්පු හිමි පවුල් පහක් එංගලන්ත සංචාරය සඳහා සුදුසුකම් ලබා තිඛෙන අතර මෙහිදී තවත් රක්ෂණ ඔප්පු හිමි පවුල් 10 ක සාමාජිකයින්ට සමාගම විසින් සියලු වියදම් දරන ඩුබායි සංචාරයට සහභාගීවීමේ අවස්ථාව උදාවිය.

පැනසොනික් සමඟ මෙට්‍රොපොලිටන් ටෙලිකොම් සර්විසස් සමාගම එක්වෙයි

තාක්ෂණිකනව්‍යත්වයේ අද්වීතීය සමාගමක් වන පැනසොනික් ඉන්ඩියා සමාගම, ශ්‍රී ලාංකීය බෙදාහැරීම්කරු ලෙස මෙට්‍රොපොලිටන් ශ්‍රී ලංකා සමාගම වෙයි. මෙට්ට්‍රොපොලිටන් හෝලිඩින්ග්ස් පුද්ගලික සමාගම සතු 25 වසරක් පැරණි මෙට්‍රොපොලිටන් ටෙලිකොම් සර්විසස් පුද්ගලික සමාගම මෙරට පාරිභෝගිකයන් වෙත පුද්ගලික සන්නිවේදන උපාංග ඇතුළු විවිධ වූ නිෂ්පාදන හා සේවාවන් ලබාදෙනු ලබයි.මෙම කොටස්කාරීත්වයත් සමග පැනසොනික් සමාගම තම ව්‍යාපාරයන්මෙරට තුළසුවිශේෂී ලෙස පුළුල් කිරීමටඅපේක්ෂාකරයි.

පැනසොනික් සතුව විවිධවූ ස්මාර්ට් ෆෝන්එකතුවක් ඇත. පහසුවෙන් මිලදී ගත හැකි උපාංගයන්ගෙන් සමන්විත ඒ එකතුවෙහි ඉහළතම 4G VoLTE හා Google හි නවීන තම Android™ මෙහෙයුම් පද්ධති ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇත. තාක්ෂණික නව්‍යත්වයේ ප්‍රමුඛතම සමාගමක් වන පැනසොනික් හි නිෂ්පාදන ඉන්දීය,මැදපෙරදිග මෙන්ම අප්‍රිකානු වෙළද පොළ තුළ තම ප්‍රමුඛතාව මනාව සටහන් කරගෙන සිටී. සමාගම තම නව්‍යතම උපාංගයන් තුළින් ලාංකීය වෙළදපොළෙහි සන්නිවේදන අවශ්‍යතා සම්පූර්ණ කිරීමට මේ වනවිට සියල්ල සූදානම් කර ඇත. මේ වනවිට පාරිභෝගිකයන්ගේ ප්‍රමුඛතම අවශ්‍යතාව වී ඇත්තේ ස්මාර්ට් ෆෝන්හි පුළුල් තිරය,හොඳ කැමරා සහ ඉහළ ක්‍රියාකාරීත්වයන්ය. ලාංකිකයන් වෙත පැනසොනික් ස්මාර්ට්ෆෝන් ඉදිරිපත් වන්නේ ප්‍රධාන විශේෂාංග රැසක් සමගිනි.

ක්‍රාෆ්ට්මේලා අතිඋත්කර්ෂවත් අයුරින්

ඉන්දියාවේ අති විශාලතම හස්ත කර්මාන්ත සැණකෙළිය වන සුරාජ්කුන්ඩි ඉන්ටර්නැෂනල් ක්‍රාෆ්ට්මේලා 31 වැනි වරටත් අති උත්කර්ෂවත් අයුරින් පසුගියදා හරියානාහිදී පැවැත්විණි.

ශ්‍රි ලංකාවේ ශිල්පීන් හා දහස් ගණනක ඉන්දියානු ශිල්පීන් සමග රටවල් 24ක ශිල්පීහු හා ලක්ෂ 20ක පමණ ජනකායක් මේ සදහා සහභාගී වූහ.

මෙම ශිල්ප සැණකෙළිය තුළින් එරට හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීමත් විදේශ අලෙවිය වර්ධනය කිරීමත් සිදු වේ



Wmqgd .ekSu ��; mqj;a m; weiqfrks
o