246 Views  
යාපනයේ සංචාරයක්

යාපනය හින්දු දෙමළ සංස්කෘතියේ මූලස්ථානයක් වශයෙන් හඳුන්වාදීමට හැකියි. 11 වන සියවසේදී ප්‍රධාන වශයෙන්ම සිංහලයන් හා දෙමළ වෙළෙඳුන් ගැවසුන නගරයක්ව තිබු බවද ඉතිහාසය සාක්ෂි දරයි.

එමෙන්ම බෞද්ධ සංස්කෘතිය පැතිරී තිබුණ බවට පුරාවිද්‍යා සාක්ෂිවලින් ඔප්පු වී තිබෙනවා. බුදුරජාණන් වහන්සේ තෙවරක් දිවයිනට වැඩම කළ අතර, දෙවැනි වරට බුදුන්ගේ පා පහස ලබන්නේ යාපනයේ නාගදීපයයි.

ඉතිහාසයේ සිටම දෙමළ, සිංහල සහෝදරත්වය තදින්ම බැඳී තිබුණ අතර, උතුර - දකුණ එකම පවුලක සහෝදර සහෝදරියන් සේ කටයුතු කර තිබෙනවා.

භාෂා දෙකක වෙනසක් වුවද සංස්කෘතිමය අතින් අප අතර සමානකම් බොහොමයක් පවතිනවා. එය එසේ වුවද කුරිරු යුද්ධයෙන් උතුර දකුණු අතර බැඳීම් කැඩී ගිය අතර, අද එදා තිබු සහෝදරත්වය නැවත ලියලමින් තිබෙන බව සඳහන් කළ හැකියි.

වසර ගණනාවක් පුරා උතුරේ ජනතාවට දකුණටත්, දකුණේ ජනතාව උතුරටත් යාමට නොහැකිවූ අතර අද උතුරේ ජනතාවටත් දකුණේ ජනතාවටත් ඉඩ ලද සැණින් උතුරේ හා දකුණේ සංචාරය කරති.

මෙහිදී වැඩි වශයෙන්ම උතුර දැකබලා ගැනීමට දකුණේ ජනතාව නිරතුරුව සංචාරය කරන අයුරු දැකගැනීමට පුළුවන්. වසර ගණනාවක් පුරා දැක බලාගැනීමට නොහැකිවූ උතුර දැකගැනීමට ප්‍රියකරති. මේ සඳහා අද දුම්රිය සේවයද පැවැතීම නිසා වැඩි දෙනෙකු මෙම ගමනට වැඩි කැමැත්තක් දක්වන බව අපිට පසුගිය දිනක දැකගැනීමට හැකිවුණා.

A-9 මාර්ගයේ මෙන්ම දුම්රියෙන් යාපනයට සංචාරය කරන ඔබට එහිදී දැක බලා ගැනීමට බොහෝ දේ ඇති අතර, අද අප ඉන් කීපයක් බවට හඳුන්වාදීමට බලාපොරොත්තු වෙනවා. ඇතැම් ස්ථාන ඔබ මෙතෙක් නොදුටු නොඇසූ ස්ථානද විය හැකිය.

ඔබ යාපනය සංචාරය කරන්නේ නම් මෙම ස්ථාන දැක බලා ගැනීම ඉතා වැදගත් වේයැයි අප සිතනවා. මෙහිදී අප මුලින්ම ඔබ කවුරුත් දන්නා යාපනයට සංචාරය කිරීමේදී දැක බලාගැනීමට වැඳ පුදාගැනීමට යන ස්ථානයක් වන නාගදීපය හා දඹකොළ පටුන හඳුනා ගනිමු.

 

නාගදීපය

බෞද්ධ පූජනීය ස්ථානයකි. බුදුන් වහන්සේගේ පා පහස ලද පාරිශුද්ධ පුදබිමකි. දෙවැනි වර බුදුරජාණන් වහන්සේ වැඩම කළේ නාගදීපයටයි. නාගදීපය, නාගයන් විසූ නිසා එම නම හැදුන බවයි පුරාතනයේ සඳහන් වෙන්නේ. නමුත් නාගයන් යනු මනුෂ්‍ය කොට්ඨාසයක් බවත් මොවුන් ජලාශ්‍රිත ප්‍ර‘දේශවල විසූ නාවික කර්මාන්තයේ නියැළී පිරිසක් බවත් සුක්ෂම දැනුමක් හා අවබෝධයක් තිබුණ පිරිසක් බවත් සඳහන් වනවා.

බු.ව 257- 277 කාලයේ රජකල දේවානම්පියතිස්ස බු.ව 757 -779 රජකළ වෝහාරතිස්ස රජු 1141-1151 කාලයේ විසු 11 වැනි අග්‍රබෝධි රජ හා මහා විජයබාහු රජු කාලවලදී නාගදීපය ප්‍රතිසංස්කරණය කළ බවයි ඉතිහාසයේ සඳහන් වන්නේ.

 

දඹකොළ පටුන

ඉතිහාසයේ වැදගත් සිදුවීම් වූ ස්ථානයක පේදුරු තුඩුවේ සිට චාවකච්චේරි දක්වා ගමන් කිරීමේදී තිරිමලේ පසුකර කි.මී 07 ගිය පසුවයි දඹකොළ පටුන හමුවන්නේ.

ජයශ්‍රී මහා බෝධීන්වහන්සේ පෙරටු කරගනිමින් සංඝමිත්තා තෙරණිය ඇතුළු පිරිස වැඩම කෙරුවේ දඹකොළ පටුනටයි. ලංකේෂ්වර නරේන්ද්‍ර රජතුමා කරවටක් මහමුහුදේ ගමන් කරමින් ශ්‍රී මහා බෝධීන් වහන්සේ හිස මත තබාගෙන පැමිණි බවයි සඳහන් වෙන්නෙ. මෙම ස්ථානයේ මුහුද වෙරළේ සිට විශාල දුර ප්‍රමාණයක් රැලි නොමැති ගැඹුරෙන් අඩු බවයි බොහෝ දෙනාගෙ මතය. මෙහි යන ඔබට මෙය හොඳින් දැක ගැනීමට හැකිය.

 

නල්ලූර් කන්දසාමි කෝවිල

යාපනය නගරයේ සිට පේදුරුතුඩුව දෙසට කි.මී 02 ක් පමණ ගමන් කළ පසු හමුවන යාපනයේ දමිළ ජනයාගේ ප්‍රමුඛ පුදබිමකි. බෞද්ධ හා අන්‍යාගමිකයන්ගේද ගෞරව ආදරයට පත් ස්ථානයක් ලෙස හඳුන්වාදීමට පුළුවන්.

නල්ලූර් කෝවිල, බුවනෙක බාහු රජතුමාගේ අවධියේදී නිර්මාණය කළ බවත් පෘතුගීසීන් විසින් විනාශ කර තිබෙන අතර 18 වන සියවසේ නැවත කෝවිල ප්‍රතිසංස්කරණය කළ බවයි සඳහන්.

සෑම වසරකම අගෝස්තු මාසයේ මෙහි උත්සවය පවත්වනවා.

දෙවැනි සංගිලි රජතුමා

යාපනය රාජධානියේ අවසන් රජතුමා ලෙසයි සැලකෙන්නේ. රජතුමාගේ මාලිගය, හා පිළිරුව වර්තමානයේ දැකගත හැකියි. මාලිගය විනාශයට පත්වී තිබෙන අතර නටඹුන් දැක ගැනීමට ජනතාව විශාල වශයෙන් පැමිණෙනවා.

ක්‍රි.ව 1460 දී සෙන්පකන්පෙරුමලාගේ පාලනය අවසන් වීමත් සමග යාපනය රාජධානිය ආරියසක්කරවර්තී විසින් පාලනය කළ අතර, ඉන්පසු දේශීය රජවරුන්ගේ පාලනය ක්‍රියාත්මක වී තිබෙන අතර, ඔවුන්ගේ පළමුවන රජතුමා ලෙසයි සැලකෙන්නේ.

ක්‍රි.ව.1619 දී පෘතුගීසින් විසින් යාපනය මුහුදෙන් හා ගොඩබිමෙන් ආක්‍රමණය කරමින් ද්‍රවිඩ රාජධානියේ බළකාය පරාජය කරමින් දෙවැනි සංගිලි රජතුමා අත්අඩංගුවට ගෙන බලයෙන් පහකළ බව ඉතිහාසයේ සඳහන්.

නිලවරෛ ළිඳ

පුරවිද්‍යා ස්මාරකයක් ලෙස නම්කර ඇත. පතුල නොපෙනන ළිඳ ලෙසයි බොහෝ දෙනාගේ මතය. මෙම ළිඳ පිළිබඳ හින්දු හා බෞද්ධ භක්තිකයන් අතර ඉතිහාසයේ සිට විවිධ මතයන් පවතිනවා. මෑතකදී නාවික හමුදා කිමිදුම්කරුවන් හා දිය යට ගමන් කළ හැකි ස්වයංක්‍රීය රොබෝ යන්ත්‍ර යොදාගෙන කළ ගවේෂණවලදී හෙළිවූයේ ළිඳෙහි මීටර් 52.5 ගැඹුරට ගිය පසු ස්වාභාවික පතුලක් ඇති බවයි.

තවද මෙම ළිඳේ නොයෙක් ගැඹුරු ස්ථානවලදී හමුවන කුඩා හා මහා පරිමාණ දෝනා දිශා කීපයකට විහිදීයන බව නිරීක්ෂණය කරගෙන තිබෙනවා. එහිදී සඳහන් වන්නේ මෙහි ජලය කීරමලය පොකුණට ගෙන යන බවයි. (මෙම ස්ථානය කීලෝමීටර් 25 ක් පමණ දුරකින් පිහිටි දමිළ ජනයාගේ සුවිශේෂිත පුද බිමකි.) නාවික හමුදා ගවේෂණවලදී හෙළිවී ඇත්තේ මීටර් 18.3 ක ගැඹුර දක්වා බීමට හැකි පිරිසුදු ජලය හමුවන බවත් එතැන් සිට ගැඹුරට ක්‍රමයෙන් ලවණ රසයෙන් යුක්තයි. පතුළෙන්ම ජලය ඉතා අධික ලුණු සාන්ද්‍රණයකින් යුක්ත බවයි.

යාපනය බළකොටුව

යාපනය නගරය ආසන්නයේම පිහිටා තිබෙනවා. පෘතුගීසීන් විසින් ගොඩ නගන ලද ලන්දේසීන් විසින් පුළුල් කරන ලද බළකොටුවකි. මෙය පසුගිය යුද සමයේදී විනාශයට පත්වූ අතර වර්තමානයේදී ප්‍රතිසංස්කරණය කරමින් තිබෙනවා.

යාපනය පුස්තකාලය

වසර 34 කට පෙර ජාතිවාදීන් විසින් ගිනි තබා විනාශයට පත් කරන ලදී. ශ්‍රී ලංකාවේ ප්‍රථම පුස්තකාලය යාපනය පුස්තකාලයයි. මෙය 1842 දී ඉංග්‍රීසි පාලන සමයේදී ආරම්භ කර තිබෙනවා.

යාපනය නගරය හා ඒ ආශ්‍රිතව දැක බලාගත හැකි ස්ථාන තව බොහෝමයක් පවතින අතර ඔබට A9 මාර්ගයේ ගමන් කිරීමේදී අතරමගදී සංචාරය කළ හැකි ස්ථාන කීපයක්ද හඳුන්වාදීමට හැකියි.

මනල්කඩු වැලි කඳු

පේදුරුතුඩුව ආශ්‍රිතව ඇති වැලිකඳු සහිත සුන්දර ප්‍ර‘දේශයක්. සංචාරක ආකර්ෂණය ලද මෙම වැලි කඳු සවස් කාලයේදී ඉතාමත් සොඳුරු දසුනකි.

ඉරණමඩු වැව

5 වන සියවසේ ධාතුසේන රජතුමා විසින් කළ බවයි සඳහන්. උතුරු පළාතේ ප්‍රධානතම ජලාශය වන මෙය, වර්ග කිලෝමීටර් 50ක පමණ භූමි ප්‍රමාණයක් පුරා විහිදි තිබෙනවා.

මඩුකන්ද රජමහා විහාරය

බෞද්ධ බැතිමතුන්ට වඩාත් වැදගත් පුදබිමකි. දළදා වහන්සේ තැන්පත් කළ ස්ථාන කීපය අතරින් මඩුකන්ද රජමහා විහාරයද එක් පුදබිමකි.



Wmqgd .ekSu ,la�u mqj;a m; weiqfrks
o