128 Views  
සුන්දර යාලේ GaGa Bees
නගරබද කන්දොස්කිරියාවෙන් මිදිලා යාල ඉහත්තාවේ නිදහසේ ඉඳලා එන්න යමුද. බෑ කියන එකක් නෑ කියලා ස්ථීරයි. පහුගිය දවස් ටිකේම සංචාරක ස්ථානම බල බලා හිටිය නිසා අපි හිතුවා මේ සතියේ නිදහසේ ඉඳලා සති අන්තයක් ගත කරලා එන්න පුළුවන් තැනකට ඔබව එක්ක යන්න. වැදගත්ම කාරණය තමයි මේ තැන මිලෙන් ඉතාම සාධාරණ මට්ටමේ සංචාරක හෝටලයක් වීම. මේ තැන තමයි GaGa Bees - Yala.

තිස්සමහාරාම නගරයේ කලබල වටපිටාවෙන් මිදිලා සුන්දර වෙල් යායකට හා කඳු පංතියකට කෙලින්ම නිරාවරණ වෙන පරිදි සකස් කරලා තිබෙන මේ සුන්දර නවාතැනේදි ඔබට වෙනස්ම ආකාරයේ අත්දැකීමක් ලබාගන්න පුළුවන්. ගම්බද නිවෙසක ආකාරයට සාදා තිබෙන එකනෙකින් වෙන්කළ ෂැලේ නිසාවෙන් ඔබේ පෞද්ගලිකත්වයත් හොඳින් ආරක්ෂා වෙනවා. වෙල්යාය පිසගෙන එන සුළං දහරට මුහුණ දා සාදා තියෙන පිහිනුම් තටාකයත්, එහි දරැවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සැකසූ විශේෂ කොටසත් හා ජගුසි පහසුකමත් නිසා හෝටල්යේදි ඔබ ලබන අත්දැකීම තවත් අලුත් වේවි. මුලින් කිව්වා වගේ ගගා බීස් යාල හෝටලය පිහිටලා තිබෙන්නේ තිස්සමහාරාම නගරයේ ඉඳලා කිලෝමීටර් 3ක් පමණ දුරින්. නමුත් ඔබ කතරගම හෝ යාල යනවා නම් මේ හෝටලයේ ඉඳලා ප්‍රධාන මාර්ගයට තියෙන්නේ බොහොම පොඩි දුරක්. ඒ නිසා කතරගම යන්න පවුලේ උදවිය හෝ ආදරමිත්‍රාදීන් සමඟ එනවා නම් ඒ එන අතරමගට මේක සොඳුරැ නවාතැනක් වේවී.

හෝටලයේ ආහාර ගැන කතා කළොත් සිංහල ක්‍රමයට වගේම බටහිර ක්‍රමයටත් මෙහි ආහාර ලබාගැනීම කරන්න පුළුවන්. සෑම ෂැලේ එකකම වෙනමම වෙල්යායට මුහුණදා සකස් කළ ආලින්දයක් තිබෙනවා. හොඳට නිදහසේ වාඩිවෙලා එහි ඉඳගෙනම ආහාර ගන්නත් ඔබට ඕනෑනම් පුළුවන්. ඒ වගේම නානකාමරවල පවා පොළොවට යොදාගෙන තිබෙන්නේ ගලායන ගංගාවලින් රුගෙන ආ රවුම් ගල්. එමගින් ඔවුන් බලපොරොත්තු වෙනවා ඔබේ පාදයට හොඳ ස්වාභාවික සම්බාහනයක් ලැබේවි කියලා. දැනට තිස්සමහාරම ප්‍රදේශයේ පහසුකම් හා මිල ගණන් සසඳද්දී ඉතාම සාධාරණ අගයකට ලබාගන්න පුළුවන් සුන්දර නවාතැනක් තමයි GaGa Bees - Yala කියන්නේ. පොල්අතු සෙවිලි කළ, යාල සුළඟේ දවසක් දෙකක් නිදහසේ ඉඳලා එනවා නම් යන්න ඕන සුන්දරම තැනක් තමයි GaGa Bees – Yala. ඔබට www.gagabeesyala.com වෙබ් අඩවියෙන් තවත් තොරතුරැ දැනගන්නට පුළුවන්


o