157 Views  
රජ කෑමකට Maharaja Palace
අපි ඉන්දියාවේ මහාරාජාවරැන් පිළිබඳ අසා ඇත්තෙමු. උතුරැ ඉන්දියාව පුරා විසිරී සිටි මහාරාජාවරැ තමන්ටම අනන්‍ය වූ සංස්කෘතියක් පරිසරයක් එහි ගොඩනැගූහ. ඔවුන් එකිනෙකාට අනන්‍ය වූ සිරිත් විරිත් ඇවැතුම් පැවැතුම් ගෘහනිර්මාණ ශිල්ප ක්‍රම මෙන්ම ආහාර සංස්කෘතියක්ද එහි විය. 19 වැනි සියවසේ අගභාගය දක්වා ඉන්දියාවේ විරාජමාන වූ මහාරාජාවරැන්ගේ මෙරට ජීවමාන අත්දැකීමකට සමීපවීමේ අදහසින් අපි කොළඹ රාජකීය මාවතට පිවිසියෙමු.

රාජකීය විදුහලේ ප්‍රාථමික අංශ ගේට්ටුවට මුහුණලා පිහිටා ඇති සුවිශේෂී ගොඩනැගිල්ලෙහි නාමපුවරැව දැක්වුණේ Maharaja Palace ලෙසිනි. මහරාජා මාළිගය යන අරැත රුගත් එම ගොඩනැගිල්ලට අප ඇතුළු වූයේ අන් කිසිවක් නිසා නොව, කොළඹ හතේ අවන්හල් අත්දැකීමකට ඔබ කැඳවාගෙන යෑමේ බලාපොරොත්තුවෙනි.

අවන්හලට ඇතුළුවන ස්ථානයේ දොරටු පාලකයා ලෙස සිටියේ විසල් ජටාවකින් හිස සරසාගත් දැවැන්ත පුද්ගලයෙකි. දොරටුපාලක තැන වූ ඔහු උණුසුම් අයුරින් අප පිළිගත්තේ අවන්හල පිළිබඳ සුබවාදී චිත්‍රයක් කල්තියා ඇතිකරලමිනි.

අවන්හලේ සම්පූර්ණ සැලැස්ම උතුරැ ඉන්දියානු ආකෘතියට සැලසුම් කරන ලද්දකි. පසුව දැනගත් ආකාරයට එය ජායිපූර්හි මහාරාජා මාළිගය අනුව ඉදිකරන ලද්දකි. බිත්ති සැරසිලි ලෙස තබන ලද දැවැන්ත ප්‍රමාණයේ චිත්‍ර පවා ඉන්දියාවෙන්ම ගෙන්වන ලද මහාරාජාවරැන්ගේ ක්‍රියාකාරකම් රුගත් සිතුවම්ය.

දහවල් ආහාර වේලාවේ අප එහි ගොඩවනවිට ආහාර ගනිමින් සිටියේ තවත් කාණ්ඩ දෙකක් පමණි. කවුළුවක් අසල එහෙත් අවන්හලේ අනෙක් කොණ ආහාරගනිමින් සිටි කාණ්ඩ දෙක හොඳින් දර්ශනය වන තැනක අපි ඈඳි ගතිමු. සුහද සිනහවකින් මුහුණ පුරවාගත් වේටර් තැන මෙනුපත ගෙනැවිත් පිළිගැන්වීය. උතුරැ ඉන්දියානු ආහාරපානවලින් පිරැණු එය මොහොතක් ආහාර ලොවක අප අතරමං කිරීමට සමත්විය. චිකන් කුර්මා, චිකන් මසාලා, පනීර්, මෙන්ම උතුරැ ඉන්දියානු සම්ප්‍රදායන්ට සකස්කළ ආහාර රුසක් එහි විය. මතකයේ හැටියට රැපියල් පන්දහසක් ලෙස මිල සඳහන් වූ තන්දූරි ලොබ්ස්ටර් එහි වූ මිලාධිකම ආහාර වර්ගය විය.

 

2017-05-26-ent-67

 

අප ඇණවුම් කළේ චිකන් බිරියානිය. ලාංකික අපේ රස අංකුරවලට සමීප චිකන් බිරියානි ඇණවුම් කළේ මහරාජා පැලස් බිරියානියේ වෙනසක් ඇත්නම් එය හොඳින් දැනගැනීම පිණිසය. වැඩි වේලාවක් යාමට මත්තෙන් අපේ ආහාරය මේසය මතට පැමිණියේය. දුම් දමමින් තිබූ එහි චිකන් මෙන්ම බිත්තරද යහමින් තිබුණි. සාමාන්‍ය බිරියානි එකක අධික තෙල් දක්නට ලැබුණත් මෙහි තෙල් පෙනෙන්නට තිබුණේ අඩුවෙනි. බිරියානිය රස විඳින විට තරමක එළඟි තෙල් රසයකුත් ඉන්දියානු කුළුබඩුවල රසත් කැපී පෙනුණි. කුළුබඩුවල රස යම් සැර ගතියක් ඊට එක්කළද ඒ සමඟ පිළිගන්වා තිබුණු රසවත් මී කිරි දීසිය නිසා උපරිම තෘප්තියක් ළංකර දීමට බිරියානිය සමත්වූවා යැයි කීම නිවැරදිය.

බිරියානිය රස විඳීමෙන් පසු අපි එහි ප්‍රධාන සූපවේදී මොහොමඩ් අබු බකර් මහතා සමඟ කෙටි පිළිසඳරක නිරත වීමු.

“මහරාජා පැලස් අවන්හල විවෘත කළදා ඉඳන් මම තමයි මෙතැන ප්‍රධාන සූපවේදියා ලෙස කටයුතු කරන්නෙ. මීට පෙර මම ඉන්දියාවේ ඉන්ටර් කොන්ටිනෙන්ටල් හෝටල් ජාලයේ සූපවේදියෙක් ලෙස කටයුතු කළා. මහරාජා පැලස් අවන්හලේ අපි පිරිනමන්නේ උතුරැ ඉන්දියානු එහෙමත් නැත්නම් මෝගල් සම්ප්‍රදායේ ආහාර පානයි. ඒවායේ විශේෂත්වය තමයි ගොඩක් කුළුබඩු යොදාගැනීම. ඒ වගේම සාරවත් හොදි ආහාර බහුලයි. නියම උතුරැ ඉන්දියානු ආහාර රස බලන්න මහරාජා පැලස් වෙතින් පුළුවන්. තවත් දෙයක් තමයි අපේ අවන්හලේ පිටත පෙනුම නිසා ගොඩක් දෙනෙක් හිතනවා මෙතැන කෑම බීම ගොඩක් මිලාධිකයි කියල. නමුත් ඒ අදහස වැරදියි. කොළඹ ගොඩක් අවන්හල්වලට වඩා සාධාරණ අයකිරීමක් අපේ අවන්හලේ තියෙනවා. ඒ වගේම අපේ ආහාරවල රසයත් වෙන තැනකදී ලබාගන්න බැහැ. මොකද අපි ආහාරවලට අවශ්‍ය විශේෂ කුළුබඩු ඉන්දියාවෙන්ම ගෙන්වනවා. ආහාර පිළියෙල කරන්නත් අපේම රහස් වට්ටෝරැ තියෙනවා” අබු බකර් මහතා කීය.

මැති ඇමැතිවරැන් මෙන්ම ක්‍රීඩකයන් නළු නිළියන් ඇතුළු විශාල පිරිසක් මහරාජා පැලස් හි නිරන්තර පාරිභෝගිකයන් වන බව ද එහි කාර්ය මණ්ඩල සේවකයෝ අප හා පැවසූහ. වරක් ඉන්දියානු ක්‍රිකට් නායකයෙකු වූ රාහුල් ඩ්‍රාවිඩ් පැමිණ ආහාර රස විඳ ඉහළ පැසසුමක් ලබාදුන් බව ද ඔවුහු සිහිපත් කරති. මහරාජා පැලස්හි එකවර 150 දෙනෙකුට ආහාරගැනීමේ පහසුකම් පවතී. පහත මාලය විවෘත අවන්හලක් ලෙස පවතින අතර ඉහළ මාලයේ පෞද්ගලික ආහාර කාමර පහක් තිබේ. විශේෂයෙන්ම ව්‍යාපාරික පන්තියේ ආහාර ගැනීම් මෙන්ම කුඩා සාද සඳහා ද ඉහළ මාලය ප්‍රයෝජනයට ගැනේ.

බිරියානියෙන් පසු අතිශය රසවත් Sweet Lassie පානයකින් ද සප්පායම් වුණු අප අවන්හලෙන් පිටවූයේ රසවත් ආහාර අත්දැකීමක් සමීප කරගනිමිනි.

(රාජකීය මාවතේ තදබදයක් පවතින අවස්ථාවන්හිදී ඔරියන්ට් ක්ලබ් දොරටුව ඔස්සේ ද මහරාජා පැලස් වෙත පැමිණීමේ හැකියාව තිබේ)


Wmqgd .ekSu ,la�u mqj;a m; weiqfrks
o